දකුණට විදුලි කප්පාදු අනතුරක්

174


සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම හේතුවෙන් අගෝස්තු මස 16 වැනිදා වන විට සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම ඇනහිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ තත්ත්වයෙන් මිදීමට විකල්ප විදුලිය මිල දී ගැනීමකට යා නොහැකි දිස්ත්‍රික්ක කිහිපයකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බවද අනතුරු ඇගවීය ඒ අනුව

අනිවාර්යයෙන්ම මාතර දිස්ත්‍රික්කය, ගාල්ල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් යන්න වන බවද කීවේය. එසේ විදුලිය මිලදී ගැනීමක් සිදුකළේ නැත්නම් දවල් කාලයේ පැයයි රාත්‍රී කාලයේ පැය දෙකයි ලෙස විදුලි කප්පාදුවක් කළ යුතුව ඇතැයි ද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment