චිත්‍රයේ චමත්කාරය TheTen

58

21 දා සහ 22 යන දෙදින තුළ කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී

සුවිශේෂී කුසලතාවය හා විශ්වාසය කැන්වසය මත මැනවින් සටහන් කළ මෙරට ප්‍රකට චිත්‍ර ශිල්පී ශිල්පිනියන් 10 දෙනකු වන ජනක රත්නායක, ගුණසිරි කොළඹගේ, අනුර ශ්‍රීනාත්, සුසන්ත නානායක්කාර, ශිරානි නානායක්කාර, සුනිල් කටුගම්පල, වසන්ත සිරිවර්ධන, ගාමිණී අබේකෝන්, නුවන් තේනුවර රොහාන් දසනායක එකතුවෙන් The Ten නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් මෙම මස 21 දා සහ 22 යන දෙදින තුළ කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වීමට නියමිතය. චිත්‍ර කලාවට ඇල්මක් දක්වන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විවිධත්වයෙන් යුත් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීම සහ ඒ තුළින් චිත්‍ර කලාව පිළිබඳ යම් වින්දනාත්මක ඉසව්වක් වෙත ප්‍රේක්‍ෂක ප්‍රජාව රැගෙන යෑමේ The Ten චිත්‍ර ප්‍රදර්ශනයේ මූලික අරමුණ බවට පත්ව ඇත. එකිනෙකට වෙනස් ශෛලීන් 10ක් නියෝජනය වන පරිද්දෙන් සිතුවමට නඟන ලද සිතුම් රැසක් දැකබලා ගැනීමට එහිදී ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවන අතර එය විරල අවස්ථාවක් ලෙස ද නම් කළ හැක.

advertistmentadvertistment
advertistmentadvertistment