සංචාරක හෝටල් කළමනාකරුවකු පස්වන මහලෙන් බිමට වැටී මරුට

935

මිය ගිය කළමනාකරු

නුවරඑළිය නගරයේ ප‍්‍රධාන සංචාරක හෝටලයක සේවය කළ කළමනාකරුවකු ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ පස්වන මහලෙන් 29 දින අලූයම බිමට වැටී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑළිය පොලිසිය පැවසීය.

සංචාරක හෝටල් කළමනාකරුවකු පස්වන මහලෙන් බිමට වැටී මරුට

කළමනාකාරවරයා පස්වන මහලෙන් වැටුණු ස්ථානය. (ඉහළ රවුම)

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ එම හෝටලේ සුපිරි වෙළෙඳ සැලක කළමනාකරුවකු වශයෙන් කටයුතු කළ තරංග ප‍්‍රියන්ත හෙට්ටිආරච්චි නමැති (47) හැවිරිදි ගම්පොල දොළොස්බාගේ පාරේ පදිංචි දෙදරු පියෙකි.

සංචාරක හෝටල් කළමනාකරුවකු පස්වන මහලෙන් බිමට වැටී මරුට

එම සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලයේ සාදයක් (28 දා) දින පවත්වා ඇති අතර එම සාදයෙන් අනතුරුව එම සාදයට සහභාගි වු සේවකයන් විසින් කළමනාකරුව ඔහු නවාතැන් ගෙන සිටි එම හෝටලයට අයත් තවත් හෝටලයක පස්වන මහලේ පිහිටි ඔහුගේ කාමරය වෙත කැඳවාගෙන ගොස් ඇරලවා ඇත.

කාමරයේ ජනේලය මත රැුඳී සිටි කළමනාකාරවරයා 29 දින අලූයම 1.45 ට පමණ පහළට වැටී ජීවිතක්ෂයට පත් වී ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය සැකකරයි.

ජීවිතක්ෂයට පත් කළමනාකරවරයාගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත‍්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment