ලයිට් බිල වැඩි කළොත් වතුර බිල ගැනත් තීරණයක් ගන්නවා – රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත

147

විදුලි ගාස්තු වැඩි කළහොත් ජල බිල්පත ද වැඩි කිරීමට අදාළව තීරණයක් ගන්නා බව ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය.

සමගි ජන බලවේගය මන්ත‍්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. පානීය ජලය සැපයීම සඳහා අප අමාත්‍යාංශයක් ලෙස ප‍්‍රමුඛත්වයක් ලබා දෙනවා. ඒත් විදුලි බිල වැඩිවුවහොත් ඒ සම්බන්ධයෙන් අපට තීන්දුවක් ගන්න වෙනවා. අපේ ආයතනවලට පාඩුවක් ලබන්න බෑ. තවම එවැනි තීන්දුක් අරගෙන නෑ. නමුත් විදුලි බිල වැඩිවුණොත් ඒ පිළිබඳ තීන්දුවක් ගන්නවා යැයි සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment