45ක් වන නිවාඩු දින 25 දක්වා කපන්නයි හදන්නේ: – රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න යෝජනා ගෙනත්- දුමින්ද නාගමුව

205

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට වූ යෝජනාවක් යහපත් රාජ්‍යකරණය පිළිබඳ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර ඇතැයි කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ (27 දා) පැවසීය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේ නුගේගොඩ දී ඊයේ (27 දා) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී නාගමුව මහතා මෙසේද කීවේය.

“රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසි කර දායකත්ව විශ්‍රාම වැටුපකට යා යුතු බවටයි ඔවුන් යෝජනා කරන්නේ. ඒ වගේම අවුරුදු පහට වඩා වැඩි සේවා කාලයක් ඇති රාජ්‍ය සේවකයන් සේවක කාර්යක්ෂමතාව නෑ කියා විශ්‍රාම

ගැන්විය යුතු බවටත් ඔවුන් යෝජනා කරනවා. ඒ වගේම යෝජනා කරල තියෙන්නේ දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදල දේශීය හා විදේශීයව ආයෝජනය කළ හැකි ලෙස සකස් කළ යුතු බවටයි. ඒක ඉතාමත්ම අවදානම් වැඩක්. මේගොල්ලෝ ආයෝජනය කරන තැන් පාඩු වුණොත් සේවකයන්ට මුකුත්ම නෑ. රාජ්‍ය සේවකයන්ට ඇති නිවාඩු දින හතළිස් පහ විසිපහ දක්වා අඩු කළ යුතු බවටත් ඔවුන් යෝජනා කර තිබෙනවා. මේවා ඔක්කොම යෝජනා කරන්නේ රටේ වැඩිහිටි ජනගහනය වැඩියෙන්ම ඉන්න මොහොතක. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප කපන්න යෝජනා කරන අය පාර්ලිමේන්තුවේ අවුරුදු පහකට පසු විශ්‍රාම වැටුප ගන්නවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන කියන දෙන්නා විශ්‍රාමික ජනාධිපති වැටුප වගේම මන්ත්‍රී වැටුපත් ගන්නවා. විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්ටත් මේවා ප්‍රශ්න නෙවෙයි. ජනතාව වහාම මේ තීරණවලට එරෙහිව පෙළ ගැසිය යුතුයි.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment