පාසල් ආපන ශාලාවලට පමණක් තහංචියක් ඇයි…

464

පාසල් ආපන ශාලා තාමත් අරින්න සෞඛ්‍ය අංශ අවසරය දීලා නැහැ. මේ නිසා අද පාසල් ආපන ශාලා හිමියන් විසිදාහක් අන්ත අසරණ වෙලා යැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

පාසල් ආපන ශාලා විවෘත කිරීමට අවසරය ලබානොදෙන්නේ නම් ඉදිරි දින කීපය තුළදී කොළඹ දිස්ති‍්‍රක්කයේ පාසල් ආපන ශාලා හිමියන් සමග ගොස් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිවස වටලන බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ අසේල සම්පත් මහතා, ශී‍්‍ර ලංකාවෙම පාසල් ආපන ශාලා පන්දාහකට වැඩිය තිබෙනවා. ශී‍්‍ර ලංකාවෙම තියෙන අනෙකුත් හෝටල්, අවන්හල් විවෘත කරන්න අවසරය දීලා තියෙනවා. චූන් පාන්වලටත් ඕන තැනක ගිහින් වෙළෙඳාම් කරන්නත් අවසරය දීලා. ඒත් මේ පාසල්වල තියෙන ආපනශාලා ටික විවෘත කරන්න අවසර දීලා නැහැ. මේක අසාධාරණයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment