මිතුරන් සමග දිය නෑ දරුවා දිය රකුසාට බිලි

338

මඩකලපුව – ඒරාවූර් පුන්නකුඩා වෙරළ තීරයේ මිතුරන් සමග දියනෑමට ගිය 15 හැවිරිදි පිරිමි ළමයෙකු පෙරේදා (28 දා) සවස මුහුදේ ගිලී මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ චෙංගලඩි අයියංගේනි ප්‍රදේශයේ ජගන් ලඩුෂාන් (අවුරුදු 15) නමැති පිරිමි දරුවෙකි.

මියගිය දරුවා ඇතුළු 5 දෙනෙකු තම මිතුරන් සමග මුහුදේ දිය නෑමට ගොස් තිබේ. බදාදා (29) රාත්‍රී 7.00 ට කළුවාන්කේනි මුහුදේ පාවෙමින් තිබූ මෙම දරුවාගේ මෘත දේහය ධීවරයන් විසින් ගොඩට ගෙනැවිත් එය ඒරාවූර් මුලික රෝහලට රැගෙන ගොස් තිබිණි. හදිසි මරණ පරීක්ෂණ නිලධාරී එම්. එස්. නසීර් මහතා දේහය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එය පශ්වාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඒරාවූර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මඩකලපුව සමූහ ටී එල්. ජව්ෆර්කාන්

advertistmentadvertistment
advertistmentadvertistment