කොස්තාරිකාවේදී කප් ගැසූ ‘මම නෙමෙයි මම’

127

මධ්‍යම ඇමරිකාවේ කොස්තාරිකා රාජ්‍යයේ පැවැති 09 වැනි සෙන් ජෝස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ජූරියේ ඒකමතික තීරණයකට අනුව පර්යේෂණාත්මක වෘතාන්ත අංශයේ හොඳම චිත්‍රපටය බවට නාට්‍යවේදී එම්. සෆීර් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘මම නෙමෙයි මම’ චිත්‍රපටය තේරීපත්වී ඇත.

සමස්ත චිත්‍රපට උළෙල සඳහා චිත්‍රපට හයසියයකට අධික ප්‍රමාණයක් තරඟ කර ඇති අතර, එයින චිත්‍රපට 58 ක් අවසන් තරගය සඳහා තෝරාපත්කර ගෙන තිබිණි. එම චිත්‍රපට 58 අතුරින් චිත්‍රපට 10 ක් සම්මානයට පාත්‍ර විය. මෙම පර්යේෂණාත්මක වෘතාන්ත අංශය සඳහා නෝර්වේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවෙන් චිත්‍රපට ඉදිරිපත් කර තිබිණි.

මම නෙමෙයි මම චිත්‍රපටය පසුගිය ජනවාරි මාසයේ ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කිරීමෙන් පසු මෙම වසරේ නොවැම්බර් මාසයේ කුවේට්හිදී පැවැත්වුණු AIU ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහාත්, මෙම මස ඉන්දියාවේ මුම්බාහිදී පැවැත්වෙන ඔයසරා ෑහැ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහාත් ලබන වසරේ ජනවාරි මාසයේ ඉන්දියාවේ කේරළයේදී පැවැත්වෙන 7th IFFF International Folklore ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී තරගකාරී අංශය නියෝජනය කිරීමට නියමිතය. මම නෙමෙයි මම සඳහා දිල්හානි අශෝකමාලා සහ සංජීව උපේන්ද්‍ර රංගනයෙන් දායක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment