ප්‍රා. ලේ. ට එකම තැන අවුරුදු 6ක් විතරයි – දිස්ත්‍රික්කයේ අවුරුදු 10යි

85

ප්‍රාදේශීය ලේකම්වරයකුට එකම කොට්ඨාසයක සේවය කළ හැකි උපරිම කාලය වසර 6කට හා එකම දිස්ත්‍රික්කයේ සේවය කළ හැකි උපරිම කාලය වසර 10ක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ දීර්ඝ කාලයක් එකම ස්ථානයක සේවය කරන ප්‍රාදේශීය ලේකම්වරුන් ජන වාර්ගිකත්වයට හානි නොවන ලෙස දිස්ත්‍රික්කය තුළට මාරු කිරීමට ද තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී මෙම තීරණයන් ගෙන තිබේ. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්වී තිබේ.

සියවසකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වන පරිදි පළාත් පාලන නීති වත්මන් සමාජ අවශ්‍යතාවට ගැලපෙන පරිදි සංශෝධනයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද එහිදී අගමැතිවරයා සඳහන් කර තිබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment