පොලිස් සැරයන්ගේ ගමන් මල්ල සොරාගත් අය අත්අඩංගුවට

450

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂක රාජකාරී සිදුකරන ඇමති ආරක්ෂක කොට්ඨාසයට අයත් පොලිස් සැරයන්වරයෙකුගේ ගිනිඅවිය හා ගමන් මල්ල සොරාගත් පුද්ගලයා කිරුළපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පසුගිය දා පිටකොටුව ඕල්කට් මාවතේ බස් නැවතුමේ කම්බි වැටක් අසල අදාළ සැරයන්වරයාට නින්ද ගිය අවස්ථාවේ, පිස්තෝලය, ජීවඋණ්ඩ ඇතුළු සෙසු උපකරණ තොගය සමඟ ගමන්මල්ල සොරාගෙන තිබිණි.කිරුළපන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් වැඩබලන පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව ‘යුක්තිය’ මෙහෙයුමේ යෙදී සිටියදී කිරුළපන ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙකු සතුව තිබූ ගමන් මල්ලක් පරීක්ෂා කිරීමේ දී සැරයන්වරයාට අයත් අස්ථානගත වූ භාණ්ඩ හමුවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment