ක්‍රිකට් නංවන්න නම් මුලින්ම පාසල් ක්‍රිකට් දියුණු කළ යුතුයි – ප්‍රේමසර ඈපාසිංහ

191

එදා අර්ජුනලා ‘වර්ල්ඩ් කප්’ දිනුවේ රට ගැන හැඟීමෙන් ක්‍රීඩා කළ නිසයි

‘මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න වත්මන් ක්‍රිකට් පරිපාලනය මුලින්ම කළ යුත්තේ පාසල් ක්‍රිකට් දියුණු කිරීමයි. විශේෂයෙන් අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ පාසල් දරුවන්ට ක්‍රිකට් පුහුණුව ලබා දී ඉදිරියට ගැනීමෙන් රටේ ක්‍රිකට් දියුණු කළ හැකියි.” යැයි ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතා ‘දිවයින’ ට ඊයේ (07 වැනිදා) පැවසීය.

විශේෂයෙන් ම ක්‍රිකට් ක්‍රීඩාවට විනය ඉතා වැදගත් බවත්, විනය නොමැති වීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව දරුණු ලෙස පිරිහීමකට ලක්ව ඇති බවත් ඒ මහතා කීය.

ප්‍රේමසර ඈපාසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න නම් විනය තියෙන්න ඕන. හෙට තරගයක් තියෙනවා නම් රෑට සාදවලට, ක්ලබ්වලට යන එක නතර කරන්න ඕන අනිත් එක වෙලාවට වැඩ කරන්න ඕනෑ. ක්‍රිකට් ක්‍රීඩකයන්, පරිපාලකයන් මත්ද්‍රව්‍ය, මත්පැන් පානය කරන එක නතර කරන්න ඕනෑ. අනිත් එක තමයි මේ ක්‍රීඩකයන් තමාගේ පෞද්ගලික ගෞරවයට නෙමෙයි රටේ ගෞරවය ගැන හිතලයි ක්‍රීඩා කරන්න ඕනේ. එදා අර්ජුන රණතුංග ප්‍රමුඛ 96 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායම ක්‍රීඩා කළේ රට ගැන හිතලයි. තමන්ගේ පෞද්ගලිකත්වය ගැන හිතලා නෙමෙයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment