මිරිස් කුඩු දියකර දැරියන්ගේ මුහුණුවල ගෑ නරුම මාමා අත්අඩංගුවට

831

ඔක්කම්පිටිය පොලිස් බල ප‍්‍රදේශයේ ගල්ටැම්මණ්ඩිය ප‍්‍රදේශයේ පදිංචි මිත්තණියගේ රැකවරණය මත සිටි අවුරුදු 13 සහ 09 වයසැති දැරියන් දෙදෙනෙකුට අඩත්තේට්ටම් කළ දැරියන්ගේ මාමා වන 28 හැවිරිදි එක්දරු පියෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දැරියන්ගේ පියා ඔවුන් හැරගොස් ඇත. මව කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර දැරියන් දෙදෙනා මිත්තණිය විසින් රැකබලාගනිමින් සිටී. මවගේ බාල සහෝදරයකු විසින් දැරියන් දෙදෙනාට පහර දී මිරිස් කුඩු දියකර මුහුණුවල ගා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලවාය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී. එම්. රත්නායක මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment