කතරගම දේවාලයේ පවුම් 38ක රන් තැටිය උස්සලා – අතුරුදහන් තැටිය වෙනුවට ව්‍යාජ තැටියක් තියලා

1276

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට පූජා කර තිබූ රත්තරං තැටියක් සොරාගෙන ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.

ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගමට පැමිණ ඇතැයි ඔහු පැවැසීය.

පවුම් 38ක් පමණ බර මෙම රන්තැටිය බැතිමතකු විසින් පූජා කරන ලද්දක් බවත් එම නිලධාරියා කීය.

මීට සති දෙකකට පමණ ඉහතදී මෙම රන්තැටිය සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී ඇතැයි උසස් නිලධාරියා කීය.

පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ඊයේ කතරගමට පැමිණි බව උසස් පොලිස් නිලධාරියා කීය.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment