ඉන්දියානු කැස්ස සිරප් එක බිව්ව දරුවෝ 18 ක් මරුට

355

ඉන්දීය සමාගමක් විසින් නිපදවූ කැස්ස සිරප් පානය කිරීම නිසා උස්බෙකිස්තානයේ දරුවන් 18 දෙනෙක් මරණයට පත්ව ඇත.

මෙම සිරප් වර්ගය නිපදවා ඇත්තේ මැරිගන් බයෝටෙක් ආයතනයයි. මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය මගින් විශේෂිත පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිතය.

මේ වසරේ මුලදී තවත් ඉන්දීය සමාගමක් නිපදවූ කැස්ස සිරප් වර්ගයක් පානය කිරීම නිසා නැම්බියාවේ දරුවන් 70 ක් මරණයට පත්විය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment