ගෝන් ෆ්‍රී ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

57

අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් දෙසැම්බර් මස 04 සිට 14 දින දක්වා කටාර් දේශයේ දෝහා අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන ගෝන් ෆ්‍රී ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

ගෝන් ෆ්‍රී ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

මිළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ කඩයිමක් ලෙස මෙම තරගාවලිය නම් කිරීමට අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වරම් ලබා ගැනීමේ අරමුණ ඇතිව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තිදෙනා තරග වදිති. ඩිලංක ඉසුරු කුමාර (කිලෝ ග්‍රෑම් 55 ට අඩු බර පන්තිය), ඉන්දික චතුරංග දිසානායක (කිලෝ ග්‍රෑම් 73 ට අඩු බර පන්තිය) සහ හංසනී ගෝමස් (කිලෝ ග්‍රෑම් 49 ට අඩු බර පන්තිය) ද මෙවර තරගාවලියට නම් කර සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙති.

මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ආර්. බී. වික්‍රමසිංහ මහතා නම් කර ඇති අතර සහාය පුහුණුකරු ලෙස නවීන්ද දයාන් මහතා කටයුතු කරනු ඇත.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment