ආසියානු ක්‍රීඩා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සඳහා  මලල ක්‍රීඩා සංචිත නම් කරයි

373

2022 ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිත නම් කර තිබේ. නිමා වූ ජාතික තේරීම් තරග සහ 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී ක්‍රීඩික ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් සලකා බලා මෙම සංචිත නම් කර තිබේ.

 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලබන ජූලි 27 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 10 වැනිදා සිට 25 වැනිදා දක්වා චීනයේ දී ක්‍රියාත්මක වේ.

 ඒ අනුව පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබේ. ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.

 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා නම් කළ සංචිතය

 පිරිමි: සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), යුපුන් අබේකෝන් (මීටර් 100), උෂාන් තිවංක (උස පැනීම), කාලිංග කුමාරගේ (මීටර් 400).

 කාන්තා: සාරංගි ද සිල්වා (දුර පැනීම), ගයන්තිකා අබේරත්න (මීටර් 800 සහ 1500), නිලානි රත්නායක (මීටර් 3000 බාධක දිවීම), හිරුණි විජයරත්න (මැරතන්).

 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නම් කළ සංචිතය

 පිරිමි: සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), යුපුන් අබේකෝන් (මීටර් 100), උෂාන් තිවංක (උස පැනීම), කාලිංග කුමාරගේ (මීටර් 400, මීටර් 4×400, මීටර් 4×400 මිශ්‍ර), රොෂාන් ධම්මික (මීටර් 110 කඩුලු පැනීම), චමල් කුමාරසිරි (තුන් පිම්ම), ධනුෂ්ක සඳරුවන් (දුර පැනීම), අරුණ දර්ශන (මීටර් 4×400, මීටර් 4×400 මිශ්‍ර), පබසර නිකූ (මීටර් 4×400), ඉසුරු ලක්ෂාන් (මීටර් 4×400), වී. දේශාන් (මීටර් 4×400).

 කාන්තා: සාරංගි ද සිල්වා (දුර පැනීම), ගයන්තිකා අබේරත්න (මීටර් 800 සහ 1500), නිලානි රත්නායක (මීටර් 3000 බාධක දිවීම), තරුෂි කරුණාරත්න (මීටර් 4×400 මිශ්‍ර), නදීෂා රාමනායක (මීටර් 4×400 මිශ්‍ර), අමාෂා ද සිල්වා (මීටර් 4×100), රුමේෂිකා රත්නායක (මීටර් 4×100), ශෙලින්ඩා ජැන්සන් (මීටර් 4×100), මේධානි ජයමාන්න (මීටර් 4×100), ලක්ෂිකා සුගන්ධි (මීටර් 4×100).

advertistmentadvertistment
advertistmentadvertistment