හිටපු අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර චීනයේ බාවෝ (BOAO) සමුළුව අමතයි

78

චීනයේ හුනාන් ප්‍රාන්තයේ පසුගිය ඔක්තෝම්බර් 29 හා 30 දිනවල පැවැති දෙවැනි ගෝලීය ආර්ථික සංවර්ධනය හා ආරක්ෂක සංසදයේ, (2nd Global Economic Development and Security Forum) සමුළුව, ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා අමතනු ලැබීය.

එහිදී වීරසේකර මහතා කලාපීය ආර්ථික සංවර්ධනය හා ආරක්ෂාව පිළිබඳව අදහස් දක්වමින් කතා කරනු ලැබීය. විශේෂයෙන් කලාපීය ආරක්ෂාව සඳහා කලාපීය රාජ්‍යයන් හි වගකීම හා වගවීම ගැනත් එකිනෙකා අතර ඵලදායි අන්‍යොන්‍ය’ සබඳතාවක් පැවතිය යුතු බවටත්, අවධාරණය කළේය.

ඡායාරූපයේ දැක්වෙන්නේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා චීනයේ ආසියානු බාවෝ සංසදයේ සමුළුව ඇමතූ ආකාරයයි.

advertistmentadvertistment
advertistmentadvertistment