සිරිල් ගාමිණී පියතුමා සීඅයිඩීයෙන් සතියක් කල් ඉල්ලයි

120

පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප‍්‍රකාශයක් පිළිබඳව විමර්ශනයට ප‍්‍රකාශයක් ලබාදීමට සතියක කාලයක් ලබාදෙන ලෙස ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඊයේ (28 වැනිදා) ලිඛිත ඉල්ලීමක් කර ඇත.

පාස්කු ප‍්‍රහාර සිදධියට සම්බන්ධ අන්තවාදීන්ට රාජ්‍ය බුද්ධි ප‍්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා උදව් උපකාර කළ බවට ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් පසුගියදා මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශයක් කර තිබිණි. මෙම ප‍්‍රකාශයෙන් තම කීර්ති නාමයට විශාල කැළලක් සිදුබූ බවත් තම ජීවිතයට ද දැඩි තර්ජනයක් එල්ලවී ඇති බවත් කියමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරමින් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ පෙරවරුවේ කැඳවා තිිබිණි. නීතිඥ සහාය ලබාගැනීමට මෙන්ම මෙම ප‍්‍රකාශය ලබාදීමට අවශ්‍ය කරුණු රැස්කර ගැනීමට සතියක කාලයක් ලබාදෙන ලෙස සිරිල් ගාමිණී පියතුමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඊයේ ලිඛිතව ඉල්ලා සිටි අතර මෙම ලිඛිත ඉල්ලීම සහිත ලිපිය පියතුමන්ලා තුන්නමක් විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ පෙරවරුවේ භාර දෙනු ලැබීය.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment