කොන්ත‍්‍රාත් දී පියා කපා කොටා ඝාතනය කරලා

299

රුපියල් පනස්දහසක කොන්ත‍්‍රාත්තුවක් දී තම පියාව ඝාතනය කළ විසි එක් හැවිරිදි පුද්ගලයෙකු සහ විසිදෙක හැවිරිදි පුතාව ඊයේ (20) සවස අත්අඩංගුවට ගත් බව මඩකලපුව දිස්ත‍්‍රික් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පී. එස්. පී. බණ්ඩාර මහතා පැවැසීය.

කරදියනාරු පොලිස් වසමේ ඉරක්කුලම් කුඩාවෙට්ටි වැල්යාය ආරක්ෂාව සඳහා ඉඳිකළ තිබූ පැලක් තුළ කැපුම් තුවාල සහිතව මියගිය පරසුරාමන් ආරුමුගම් නමැති 54 හැවිරිදි සිව්දරු පියාගේ සිරුර පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙලෙස මියගිය පුද්ගලයාට ගැහැණු දරුවන් තිදෙනෙකු හා 22 හැවිරිදි පිරිමි දරුවෙකු සිටින අතර තවද ගවයන් 50 දෙනෙකු සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment