අවසන් හතරට එංගලන්තයද ඔස්‌ට්‍රේලියාවද ඉරණම අද ශ්‍රී ලංකාව අතේ

274

ඇෆ්ගනිස්තාන පරාජයෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ වැටේ

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසාන තරගය අද එංගලන්තය සමග සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.

ඔස්‌ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ පැවති තරගයෙන් ඔස්‌ට්‍රේලියාව ජයග්‍රහණය කිරීම මත ශ්‍රී ලංකාවට අද තරගයෙන් ජය ගත්ත ද අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි නොවේ. එහෙත් අද තරගයෙන් එංගලන්තය ජයග්‍රහණය කළහොත් ඔවුන්ට අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට හැකි වනු ඇත.

එසේම එංගලන්තය මෙම තරගයෙන් පරාජය වුවහොත් ඔස්‌ට්‍රේලියාවට අවසන් පූර්ව තරග අවස්ථාව සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වනු ඇත.

ඔස්‌ට්‍රේලියාව ඊයේ ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයේ ලද ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වීමට ඔවුන් සමත් වූ අතර ඔස්‌ට්‍රේලියාවට දැන් හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 7කි.

එහෙත් ඔස්‌ට්‍රේලියාවේ ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය එංගලන්තයට වඩා පහළ මට්ටමක පවතින නිසා එංගලන්තය අද තරගය ජයග්‍රහණය කළහොත් එංගලන්තය අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත. එවිට ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවද 7ක් දක්වා ඉහළ යනු ඇති අතර එංගලන්තය ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය මත ඉදිරියට යනු ඇත.

අවසන් හතරට එංගලන්තයද ඔස්‌ට්‍රේලියාවද ඉරණම අද ශ්‍රී ලංකාව අතේ

ශ්‍රී ලංකාව මෙතෙක් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ජයග්‍රහණ දෙකක් පමණක් ලබාගෙන ඇති අතර එංගලන්තය ද ජයග්‍රහණ දෙකක් ලබාගෙන එක් විසඳුමක් නැති තරගයක් ද සමග ප්‍රසාද ලකුණු පහක් හිමි කරගෙන සිටී.

ඔස්‌ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ පැවති තරගය තියුණු ලෙස ලකුණු හතරකින් ජයග්‍රහණය කිරීමට ඔස්‌ට්‍රේලියාව සමත් වූ අතර ඔස්‌ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දී නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 168 ක් රැස් කළ අතර ඇෆ්ගනිස්තානයට කඩුලු 7ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 164ක් පමණි.

ඔස්‌ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ග්ලේන් මැක්ස්වල් පන්දු 32 කදී ලකුණු 54ක් ලබාගත් අතර

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අවසන් මොහොත දක්වා සටන් කළ රෂීඩ් ඛාන් පන්දු 23 කදී නොදැවී වේගවත් ලකුණු 48ක් ලබා ගත්තේය. ඒ සඳහා රෂීඩ් ඛාන් හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සිය ඉනිමට එකතු කළේය.

කසුන් රණවීර ඔස්‌ට්‍රේලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment