අවවාද නොපිළිගත්තැයි දස හැවිරිදි පුතුගේ මුහුණ කම්බි කූරකින් පුළුස්සලා මව අත්අඩංගුවට

44

මොනරාගල පොලිස් වසමට අයත් කුමාරතුංග මාවතේ පදිංචි අවුරුදු දහයක් වයසැති තම දරුවාගේ මුහුණ කම්බි කූරක් රත්කොට පිළිස්සීම සම්බන්ධයෙන් දරුවාගේ මව ඉකුත් 19 වෙනිදා මොනරාගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පස්වැනි වසරේ ඉගෙනුම ලබන දරුවා මවගේ අවවාද නොපිළිපදිමින් දඟකාර ලෙස හැසිරෙන නිසා කම්බි කූරක් රත්කොට මුඛය සහ මුහුණ මෙලෙස පුළුස්සා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධියට සම්බන්ධ මව අත්අඩංගුවට ගෙන ඇති අතර මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි. තුවාල ලැබූ දරුවා ආත්තම්මා සමඟින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී. එස්. චාමින්ද සංජීව මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment