සූර පප්පා කාටුනයේ සීසර්ට පණ දුන් ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර සමුගනී

170

ප්‍රවීණ විද්‍යුත් මාධ්‍යවේදියකු, හඬ නළුවකු, රංගන ශිල්පියෙකු නිවේදකයකු වූ ලාල් සරත් කුමාර මහතා පෙරේදා (31 දා) අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 68 වැනි වියෙහි පසුවිය.

1978 වසරේ ශබ්ද පරිපාලකවරයකු ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක් වන ඔහු ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු සහ නිවේදයකු ලෙස සේවය කළේය. 2017 වසරේ විශිෂ්ටතම ගුවන් විදුලි නාට්‍ය ශිල්පියා ලෙස රාජ්‍ය සම්මානයද ඒ මහතාට හිමිවිය.

සරත් කුමාර මහතා සූර පප්පා කාටුනයේ ජුලියස් සීසර්, ජස්ටින් සහ ටෙස්ටින් කාටුනයේ ජස්ටින්, අධිරජ ධර්මාශෝක මාලා නාටකයේ චානක්‍ය සුජාත දියණි හි ෂිං වෙදදුරු ආදී චරිත රැසකට හඬ මුසු කළේය.

රංගන ශිල්පියකු ලෙස හෙතෙම පුංචි තිරයේ විකාශනය වු සිඳු ටෙලිනාටකයේ දිලුම්ගේ පියා ලෙස රඟපෑවේය. අභාවප්‍රාප්ත ලාල් සරත් කුමාර මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment