දුම්රිය ප්‍රමාද විනැයි ‘සාගරිකා’ රියැදුරුට ගැසූ සැරයන්වරියට ඇප

551

මරදාන දුම්රියපළේ හයේ වේදිකාවේදී ‘සාගරිකා’ දුම්රියේ රියැදුරුට පහරදීමේ සිද්ධියක් පිළිබඳව පොලිස් කාන්තා සැරයන්වරියක් මරදාන පොලිසිය මගින් පෙරේදා (31 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දුම්රිය බෙලිඅත්ත බලා ධාවනය කිරීමට නියමිතව තිබියදී එම දුම්රිය ප්‍රමාද වීම නිසා කෝපයට පත් මෙම කාන්තා පොලිස් සැරයන්වරිය රියදුරු ළඟට ගොස් මෙම පහරදීම සිදුකර ඇත. මෙම සැරයන්වරිය මෙම දුම්රියේ ගමන් කිරීමට නියමිතව සිටි අතර දුම්රිය ධාවනය කිරීම ප්‍රමාද වීම හේතුවෙන් රියැදුරු මෙලෙස පහරදී ඇත.

පසුව දුම්රියේ රියැදුරු සහ මෙම පොලිස් කාන්තාව අතර ඇති කරගත් අර්බුදය සමාදාන කර සැරයන්වරිය පොලිස් ඇප මත නිදහස් කර තිබේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment