පොලිස් මූලස්ථාන දිස්ත්‍රික් ගබඩාවකින් රෙදි මීටර් දස දහසක් අතුරුදන්

160

ව්‍යාජ ලේඛන සකස් කර පොලිස් මූලස්ථානයේ දිස්ත්‍රික් ගබඩාවකට ලැබී තිබූ පොලිස් නිල ඇඳුම් රෙදි මීටර් දසදහසක ප්‍රමාණයක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් පිළිබඳව විමර්ශන ආරම්භ කොට ඇතැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය ඊයේ (01 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට වාර්තා කළේය.

පොලිස් මූලස්ථානයේ අධ්‍යක්‍ෂ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්. එම්. ලංකානි රාජිනී අමරසේකර මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කළ බවද එමගින් අධිකරණයට වැඩිදුරටත් වාර්තා කොට තිබිණ. ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා විමර්ශන ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment