මිල්කෝ සභාපති රේණුක ඉවත් කරන්නැයි ජාතික සේවක සංගමය ජනපතිගෙන් ඉල්ලයි

242

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා වහා එම ධුරයෙන් ඉවත් කර සියලුම වෘත්තිය සංගම් සමග සුහදව වැඩ කරගෙන යා හැකි සාකච්ඡා මාර්ගයෙන් ඕනෑම ප්‍රශ්නයක් විසඳාගත හැකි පරිපාලනයට දක්ෂ සභාපතිවරයකු හැකි ඉක්මනින් පත් කරදෙන ලෙස ඉල්ලා මිල්කෝ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්. ජී. තුෂාර කැලුම් මහතා ලිපියක් මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ මෙසේ ද දැක්වේ.

ජනාධිපතිතුමනි, වත්මන් සභාපතිතුමා අප ආයතනයේ සේවක මහත්ම මහත්මීන්, සියලුම වෘත්තීය සංගම් දැනුවත් කිරීමෙන් තොරව වසර 35කට ආසන්න කාලයක සිට මාසික වැටුපට ලබාදෙන විචල්‍ය වන ජීවන වියදම් දීමනාවේ වැඩි වීම නතර කර එකම අගයක තබාගැනීමට 2022 අගෝස්තු මාසයේ සිට එතුමාගේ තනි මතයට තීරණය කර තිබිණි.

අප සියලු වෘත්තිය සමිති සංගම් උද්ගතව ඇති තත්ත්වය ගැන එතුමා සමග ගැටුමකට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කළේ අප ආයතනයේ සුරක්ෂිතතාවයත් සේවක මහත්ම මහත්මීන්ගේ රැකියාවල සුරක්ෂිතතාවයත් රැකගැනීමේ අරමුණින් බව ඔබතුමාහට දන්වන්නට කැමැත්තෙමු.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment