පෙබරවාරි මාසයට ලග්න වාසනාවෙන් සුපිරි ධනයෝගයක්

216

කවදත් ඔබට වාසනාව ගෙන එන සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් එළඹෙන පෙබරවාරි මාස 24 වන දින විශේෂ දිනුම් ඇදීමක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර සුවිශේෂී ජයමලූ රැසක් ලබාදෙන විශේෂ වූ ලොතරැයි පත ‘‘ලග්න වාසනා සුපිරි ධනයෝගය’’ ලෙස නම් කර ඇත.

ඔබට වාසානාව උදාකරන මෙම ලග්න වාසනා සුපිරි ධනයෝගය විශේෂ ලොතරැයිපත වෙළෙඳපොළට නිකුත් කිරීම, 2022 ජනවාරි මස 28 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතාගේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී. මෙහි විශේෂත්වය නම් ලග්න වාසනාව සාමාන්‍ය ලොතරැයි පතෙහි සඳහන් ත්‍යාග රටාවන්වලට අමතරව රු.100,000/- මුදල් ත්‍යාග රැසක් ජයග‍්‍රාහී ඔබ වෙත පිරි නැමීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු සූදානම් කර තිබීමයි. ඔබත් වැඩි වැඩියෙන් ලග්න වාසනා විශේෂ ලොතරැයි පත මිල දී ගෙන වාසනාවේ ධන යෝගයේ සැබෑ හිමිකරුවෙකු වන්න.

advertistmentadvertistment
advertistmentadvertistment