අඛණ්ඩව වසර 15ක් මෙරට අංක 1 බැංකු සන්නාමය ලෙස Brand Finance Lanka විසින් නම් කරනු ලැබූ ලංකා බැංකුව, 2023 වසර සඳහාත් එම ශ්‍රේණිගත කිරීම නො වෙනස් ව පවත්වා ගැනීමට සමත් විය. Brand Finance International හි සභාපති / ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් හේග් මහතාගේ අත්සනින් යුතු ඊට අදාළ සහතික පත්‍රය ලංකා බැංකු ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී Brand Finance Lanka සභාපති රුචි ගුණවර්ධන මහතා විසින් ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතා ඇතුළු ආයතනික කළමනාකාරිත්ව සාමාජික සාමාජිකාවන් වෙත පිරිනැමිණි.

advertistmentadvertistment
advertistmentadvertistment