පහන්තිර – හඳුන්කූරු – ඉටිපන්දම් අමුද්‍රව්‍ය මිල ඉහළට – කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති

82

රෙදි කෑලි කිලෝව ඉස්සර රු. 150යි දැන් රු. 400යි

පහන් තිර, හඳුන් කූරු, ඉටිපන්දම්, කපුරු යන කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් ඒවා අලෙවි කරන වෙළෙඳුන් දැඩි අන්ත අසරණභාවයට පත්ව සිටින බව කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (27 වැනිදා) පැවසීය.

එසේම අටපිරිකරවල අවම මිල ද රුපියල් 4000 දක්වා ඉහළ ගොස් ඇතැයි හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ නිරුක්ෂ කුමාර මහතා මෙසේ ද කීය.

පහන් තිරවලට අවශ්‍ය රෙදි කෑලිවල මිල ඉහළ ගිහින්. වෙනදාට රෙදි කෑලි කිලෝවක් ගත්තේ රුපියල් 150ට. දැන් ඒ රෙදි කෑලි කිලෝවක් රුපියල් 400ක් වෙලා. මහා පරිමාණ ඇඟලුම් කම්හල්වලින් අපි මේවා ගත්තේ.

හඳුන් කූරු කර්මාන්තය ගත්තත් ඒවාට යොදන සුවඳ විලවුන්, ඉරටුවල මිල ගණන් ඉතා අධිකයි. කපුරුත් එහෙමයි. ඒ මිල වැඩි වුණාම වෙළෙඳුන්ටත් ඒවා අලෙවි කරගන්න මිල වැඩි කරන්න සිදුවෙනවා. එහෙම වැඩි කළාම පාරිභෝගික ජනතාව ඒවා මිලදී ගන්න එනවා අඩුයි. මාර අමාරුවෙන් බිස්නස් කරගෙන යන්නේ.

අටපිරිකරත් එහෙමයි. ඒ සඳහා ඇතුළත් කරන අඳනකඩය ඇතුළු ඒ සෑම දෙයක්ම මිල අධිකයි. මේ පොඩි කර්මාන්ත සියල්ලක්ම අද වෙනකොට කඩාවැටෙන තත්ත්වයට ඇවිත්.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment