මඩු දේව මෙහෙය යළි ඇරඹේ

355


වසර හතරකට පසුව මන්නාරම ඓතිහාසික මඩු දේවස්ථානයේ ජූනි මස විශේෂ දේව මෙහෙය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට මන්නාරම දිසාපතිනිය හා මන්නාරම රදගුරු හිමිපාණෝ තීරණය කොට තිබේ.
කොරෝනා වසංගතය හා රටේ පැවති අයහපත් වාතාවරණය නිසා පසුගිය වසර හතරක කාලයට මෙම ජූනි මස ජූනි මස විශේෂ දේව මෙහෙය සදහා කිසිදු පිටස්තර බැතිමතෙකුට සහභාගී අවසර වීමට අවසර නොලැබුණි.
නමුත් මෙවර මීගමුව වෙන්නප්පුව, කදාන, ජාඇල ආදී ප්‍රදේශ රැසකින් බැතිමතුන් විශාල පිරිසක් ජූනි මස පැවැත්වෙන විශේෂ පූජාවට සහභාගී වන අතර දින හතක් මුළුල්ලේ පැවැත්වෙන මෙම පූජාවෙන් පසුව ජූලි මස 2 දා උදෑසන පැවැත්වෙන අවසන් දේව මෙහෙයෙන් පසුව නිමාවට පත්වෙයිග
මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මහා මංගල්ලය අගොස්තු මස 15 වෙනිදා පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment