දළදා පෙරහැරේ අලි කුලප්පුව කුමන්ත්‍රණයක් දැයි සැකයක්

351

අලි ඇතුන්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කර මහනුවර දළදා පෙරහැර කඩාකප්පල් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පොලිස්පතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා ඇත.

බෞද්ධ පෙරහැර කඩාකප්පල් කිරීමට සහ අපහාසයට ලක්කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙළක් වසර කිහිපය සිට ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වන්නේ යැයිද මන්ත්‍රීවරයා එම ලිපියෙහි සදහන් කර තිබේ.

මහනුවර දළදා පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන් අපහසුතාවයකට ලක් කිරීමට ඇතැමුන් ලේසර් කිරණ භාවිතා කරන බව ඇත්ගොව්වන් ද ප්‍රකාශ කර ඇති බව ද අලි ඇතුන් සහ වගා හානි සිදු කරන වෙනත් සතුන් පලවා හැරීමට භාවිතා කරන ලේසර් කිරණ නිකුත් කරන කුඩා උපකරණ සති කිහිපයකට පෙර අලෙවි කිරීමට ඇති බවට ප්‍රචාරක වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක වූ බවත් ඔහු එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment