සය නිවුන් දරුවන්ගෙන් තිදෙනෙක් ගෙදර යති ඉතිරි තිදෙනා තාම රෝහලේ

290

පළමුවරට මෙරට මවකට උපන් සය නිවුන් දරුවන්ට නම් තැබීම සඳහා අවශ්‍ය කටයුතු ඊයේ (21 දා) ආරම්භ කළ බව එම දරුවන්ගේ පියා වන ප‍්‍රභාත් උදයංග මහතා ‘දිවයින’ට පැවසීය.

පසුගිය ඔක්තෝබර් 21 වැනිදා උපන් මෙම සය නිවුන් දරුවන් පිරිමි දරුවන් තිදෙනෙක් සහ ගැහැනු දරුවන් තිදෙනකු ලෙස නාරාහේන්පිට නයින්වේල්ස් රෝහලේදී විනාඩි දෙකක් ඇතුළත බිහිවී ඇති අතර, ප‍්‍රසව නාරිවේද විශේෂඥ වෛi මහාචාර්ය ටිරාන් ඩයස් මහතා ප‍්‍රමුඛ වෛi කාර්ය මණ්ඩලය එම කාර්යයට දායක වූහ.

මාසයක කාලයක් රෝහල්ගතව සිටි මෙම දරුවන්ගෙන් තිදෙනකු පෙරේදා (20 දා) නිවස වෙත රැුගෙන යෑමට වෛi අනුමැතිය ලැබිණි.

ඒ අනුව දියණියන් දෙනෙකු සහ එක් පුත‍්‍රයකු අයි. ඞී. එච්. ප‍්‍රදේශයේ පිහිටි නිවස වෙත රැුගෙන ගිය බව ප‍්‍රභාත් මහතා පැවසීය.

සෙසු පුතුන් දෙදෙනා සහ දියණිය රෝහලේ ළදරු ඒකකයේ වෛi රැුකවරණය යටතේ පසුවන බවත් ඔවුන්ද නිවස වෙත රැුගෙන යෑමට අවසර ලද විගස රෝහලින් රැගෙන යන බවත් හෙතෙම කීවේය.

දරුවන් හයදෙනා බලා ගැනීමට මගේ බිරිඳ වන දිළිණි වාසනාට තනිව අපහසුයි. අපේ දෙමාපියන් පදිංචිව සිටින්නේ අනුරාධපුරයේ. අයි. ඞී. එච්. පිහිටි නිවස අසල ඥාතීන් කිසිවකු නැහැ.

එනිසා දරුවන් රැකබලා ගැනීම සඳහා නිසි පහසුකම් සැලසෙනතුරු රෝහලින් අපට දරුවන් තිදෙනෙක් පමණක් රැගෙන යෑමට අවසර ලබා දුන්නා. රෝහලේ සිටින දරුවන්ද නිරෝගී සුවයෙන් පසුවෙනවා යැයිද ප‍්‍රභාත් උදයංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment