සාදය මාරයි ; ගින්නෙන් හමාරයි

533

නාඳුනන පිරිසක් විසින් උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තැබීමෙන් එහි සිටි තරුණියක් මියගොස් තවත් පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.අද (23) අලුයම වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේදී අදාළ සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි.මියගොස් ඇත්තේ, 21 හැවිරිදි ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.ගින්නෙන් තුවාල ලැබූ පිරිස අතර තෝනික්කල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 02ක කුඩා පිරිමි දරුවෙකු, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු සිටින බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment