රෝගියකු අනුරාධපුර රෝහලේදී ඝාතනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

434


අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කපා කොටා ඝාතනයට ලක්වූ පුද්ගලයාට, ඊට දින දෙකකට පෙර පහරදී තුවාල සිදු කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසයි,

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ටෙලිකොම් පාර, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු සහ මැදවච්චිය ගොවිජන සේවා පාරේ පදිංචි 23 හැවිරිදි කාන්තාවකි.
මෙම සැකකරු සහ සැකකාරිය ඉකුත් 26 වන දා වැනිදා, අයුතු ජනරාශියක සාමාජිකයන්ව සිටිමින් මරණකරුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත්, එම පහරදීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මරණකරු ඝාතන සිද්ධියටද මෙම සැකකරු සහ සැකකාරිය සම්බන්ධ වී ඇත්දැයි දැන ගැනීම සඳහා වැඩිදුර ප්‍රශ්න කරන බව ද පොලීසිය සඳහන් කළේය .

ඉකුත් 26 දා මැදවච්චිය මන්නාරම් පාර ප්‍රදේශයේ දී පුද්ගලයන් පිරිසක් විසින් පහරදීම හේතුවෙන් ජේ.ඩබ්ලිව්. රුවන් ගීත් විජිත යන අය බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ, මහාචාර්ය එකකයෙ පිහිටි 66 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් පසුගිය 28 වන දා අලු‍යම 4:30 ට පමණ එම වාට්ටුවට ඇතුළු පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා එම රෝගියා ඝාතනය කර පලා ගොස් තිබූ බවද පොලිසිය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment