නොවැම්බරයේ ආනයන වියදම 19.7 % කින් නගී

111

ඉකුත් නොවැම්බර් මස ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 305.8 ක් දක්වා සියයට 19.7 කින් වර්ධනය වී තිබේ.

2020 වර්ෂයේ පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 255.5 ක් විය.

මුළු පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම නියෝජනය කරන ආහාර හා පාන වර්ග ආනයන වියදම ඉකුත් නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 135.9 දක්වා සියයට 9.1 කින් සහ ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම ඉකුත් නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 169.9 ක් දක්වා සියයට 29.8 කින්ද වර්ධනය වී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත (ප‍්‍රධාන වශයෙන් එන්නත්* විදුලි සංදේශ උපකරණ (ප‍්‍රධාන වශයෙන් ජංගම දුරකථන*, රෙදිපිළි සහ උපාංග (ප‍්‍රධාන වශයෙන් යට ඇඳුම්* සහ ගෘහ උපකරණ (ප‍්‍රධාන වශයෙන් රූපවාහිනී සහ ශීතකරණ* ඇතුළු ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ප‍්‍රධාන කාණ්ඩ කිහිපයක ආනයන වියදම් නොවැම්බර් මාසයේදී ඉහළ ගිිය බවද එම වාර්තාවේ දැක්වේ.

ඉකුත් නොවැම්බර් මාසයේදී ආහාර හා පානවර්ග ආනයන වියදම් සියයට 9.1 කින් වර්ධනය වීමට මූලික වශයෙන් සීනි හා රසකැවිලි, ධාන්‍ය වර්ග හා ඇඹරුම් කර්මාන්තය ආශ‍්‍රිත නිෂ්පාදන (ප‍්‍රධාන වශයෙන් සහල්* ආනයන වියදම් වර්ධනය වීම හේතුවී ඇති බවද එම නවතම මහ බැංකු වාර්තාවේ තවදුරටත් දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment