ගුවන්තොටින් රන් බිස්කට් පන්නන්න බැරිවෙයි

122


රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් 14 ක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු ඊයේ (27) දින කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .

මොහු 42 හැවිරිදි වත්තල , මාකොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි . ඔහු ඊයේ දින සවස 03.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු‍ කීපයක් ලෝහ අනාවරක යොදා ගනිමින් පරීක්ෂා කළ අතර , එහිදී ඒවා තුළ සගවා ගෙන තිබූ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 314 ක් බරැති රන් බිස්කට් 14 ක් සගවා ගෙන සිටියදී , රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .

advertistmentadvertistment
advertistmentadvertistment