අපේ කෙනෙක් කැනඩාවේ ඇමැතිවරියක් වේ

1472


ශ්‍රී ලංකා සම්භවයක් සහිත කාන්තාවක් වන තුෂාරා විලියම්ස් මහත්මියට කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිව ඇත.

ඒ අනුව පසුගිය 19 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා විසින් ඇය කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර තිබේ.
තුෂාරා විලියම්ස් මහත්මිය කොළඹදී උපත ලබා ඇති අතර ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය කොළඹ කාන්තා විද්‍යාලයෙන් හදාරා ඇත.
ඇය 1991 වසරේ දී කැනඩාවට සංක්‍රමණය වී ඇති අතර කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය මෙන්ම ගෝලීය සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.

කැනඩා රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවූ ශ්‍රී ලංකා සම්භවයක් සහිත ප්‍රථම කාන්තාව තුෂාරා විලියම්ස් මහත්මිය වේ.

ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව කෙටි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සේවය කර තිබේගතුෂාරා මහත්මිය 2001 වසරේදී කැනේඩියානු සිවිල් සේවයට බැඳී ඇති අතර ඇය සමාජල ආර්ථික සහ මූල්‍ය අංශ වල අත්දැකීම් බහුල කාන්තාවකිග

තුෂාරා මහත්මිය කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබීමට පෙර තනතුරු ගණනාවක් හොබවා ඇතග

advertistmentadvertistment
advertistmentadvertistment