බදියුදීන්ගේ විල්පත්තු නඩුව යළි ඇදෙයි

183


විල්පත්තු වනාන්තර කලාපයේ වනයක් එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ ව අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට කල් ලබාදුන්නේය.

ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු අද (28දා) කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන් මහතාද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය අදාළ විරෝධතා ජූලි මස 21 වනදාට පෙර ගොනුකරන ලෙසත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට නියම කළේය. පෙත්සම යළි සලකා බැලීම සඳහා අගෝස්තු මස 28 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment