නේපාල ජනාධිපති අසනීපවී ඉන්දියාවට රැගෙන එයි

200

නේපාල ජනාධිපති රාම් චන්ද්‍රා පවුදාල් මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (19දා) හදිසියේ ඉන්දියාවට රැගෙනවිත් තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ නේපාල ජනාධිපතිවරයාව ගුවන් මගින් නවදිල්ලිය වෙත රැගෙනවිත් ඇති බවය.

නවදිල්ලියේ පෞද්ගලික රෝහලක් වෙත ඔහුව රැගෙනවිත් ඇති බවද නේපාල බලධාරීන් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. නේපාල ජනාධිපතිවරයාට පෙණහලු ආශ්‍රිත ආසාදනයක් ඇති බව අනාවරණයවීමෙන් පසු ප්‍රතිකාර සඳහා ඔහුව එලෙස ඉන්දියාව වෙත රැගෙනවිත් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment