බටහිරට ඕනෑ රුසියාව ලේ විලක් වනු දැකීමයි – වැග්නර් හමුදාව දෙකෙන් එකක් තෝරා ගත යුතුයි

2681

පුටින් ජාතිය අමතා කියයි

බටහිරට අවශ්‍ය වූයේ රුසියාව ලේ විලක් වනු දැකීම බව රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් කියයි.

වැග්නර් කණ්ඩායමේ සාමාජිකයන්ට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ගිවිසුම් ගතවීම හෝ නැවත නිවස බලා යෑම යන දෙකෙන් එකක් තෝරාගත යුතු බව පුටින් කියයි.

වැග්නර් කුමන්ත්‍රණයෙන් පසුව ඉකුත් සඳුදා (26දා) ජාතිය අමතමින් ජනපතිවරයා මේ බව පවසා තිබේ. මේ අර්බුද අවස්ථාවේ රුසියානුවන් දේශප්‍රේමී ලෙස කටයුතු කළ බව පුටින් කියයි. කෙසේ නමුත් වැග්නර් පෞද්ගලික හමුදා භට කණ්ඩායම් ප්‍රධානියා වන යෙව්ජීනි ප්‍රිගොෂින්, තමා කැඳවූ හමුදා කැරැල්ලෙන් පසු රුසියාව හැර දමා බෙලරුස්හි පදිංචියට යෑමට සූදානම්ව සිටී.

ජනපති පුටින් ජාතිය අමතා කළ ප්‍රකාශයේ යෙව්ජීනි ප්‍රිගොෂින් ගැන කිසිවක් සඳහන් නොවීය. මාස ගණනාවක සිට ප්‍රිගොෂින්ගේ ප්‍රහාරයන්ට මැදි වූයේ ආරක්ෂක අමාත්‍ය සෙර්ගෙයි ෂොයිගු හා සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානී වලේරි ගෙරාසිමොෆ්ය.

යුක්රේන යුද්ධයේදී මියගිය දස දහස් ගණනක් රුසියානුවන්ගේ මරණවල වගකීම සම්බන්ධයෙන් ප්‍රිගොෂින් චෝදනා කරන්නේ ඔවුනටය. දිගුකාලීන කටුක ආරවුල පසුගිය සතියේ කැරැල්ලක් බවට පත්විය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment