බයිඩන් – ජින්පින් එකඟතාවකට

333

මෙතෙක් දෙපාර්ශ්වයකට බෙදී වාග් සංග්‍රාමවල යෙදී සිටි ඇමරිකාව හා චීනය මින් ඉදිරියට ඍජුවම නායක මට්ටමින් එකිනෙකා අතර සන්නිවේදන කටයුතු සිදු කිරීමට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

පෙරේදා (15දා) කැලිෆෝනියා ප්‍රාන්තයේදී චීන ජනාධිපති ෂී ජින්පින් සමග දුර්ලභ සාකච්ජාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය අමතා කතා කර ඇති ඇමරිකානු ජනාධිපති බයිඩන් ඇමරිකාව හා චීනය දෙපාර්ශ්වය අතර ගොඩ නැගී ඇති අර්බුදකාරී තත්ත්වය මගහරවා ගැනීම සඳහා ‘අප විසින් නැවත එකිනෙකා අතර ඍජු, විවෘත හා පැහැදිලි සාකච්ජා ආරම්භ කිරීමට එකඟ වූවා” යැයි සඳහන් කර තිබේ.

පෙරේදා පවත්වා ඇති ඇමරිකානු ජනාධිපති බයිඩන් හා චීන ජනාධිපති ෂී ජින් පින් අතර සාකච්ජාව වසරකට අධික කාලයකට පසු නායකයන් දෙපළ අතර පවත්වා ඇති ප්‍රථම මුහුණට මුහුණ ලා පැවති සාකච්ජාව බව විදෙස් විචාරකයෝ පවසති. අනතුරු සිදු වනුයේ සන්නිවේදන කටයුතු නිසි පරිදි සිදු නොවීම නිසා බව පවසා ඇති ඇමරිකානු ජනාධිපතිවරයා ඉදිරියේදී දෙරටේ නායකයන් ගැටලුවක් පැන නැගුණු විට වහාම දුරකථනයෙන් එකිනෙකා හා සම්බන්ධ වී සන්නිවේදන කටයුතු සිදු කරන බව අවධාරණය කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment