අන්නාවිරාළ

165

අන්නාවි කොළමින් වැරදි අඩුපාඩු පෙන්වා දීම ගැන වැරදි හැඟීමක් ඇතිකර ගත්තා දැයි සිතුව ද, එසේ වී නැති බව පෙනෙන්නට තිබීම සතුටක් සේම, දෙවියන් වහන්සේ ද, මීසමේ පියතුමා ද ඊට කැමැත්තක් දක්වන බව මගේ විශ්වාසයයි. ඒ නිසා අන්නාවි ධුරය ලැබීම ගැන මම සතුටු වෙමි.

මෙසේ විවිධ පැති වලින් දිව්‍ය පූජාව තුළදී බැතිමතුන්ගේ අඩුපාඩු, වැරදි ක්‍රියා පෙන්වා දෙන්නේ අහිතකින් නොවේ. එය අන්නාවි තැන වශයෙන් මගේ යුතුකමකි. කෙසේ වෙතත් අද තවත් වැරදි ක්‍රියාවක් පිළිබඳව කතා කරමු. දිව්‍ය පූජාව සිදුකරනා පියතුමා විසින් පවත්වනු ලබන දේශනාව පිළිබඳව ඇතැමුන්ගේ විවේචන මා හොඳට අසා ඇත. “එය දිග වැඩියි. එකම දෙයම පවසනවා.” මේ එම විවේචන කීපයකි. එසේ ඔබ නොකරන්න. දෙවියන් සමග ගතකරනා පැය ඉවසීමෙන්, භක්තියෙන් ගතකරන්න. කිසිවකුත් විවේචනය කිරීම කිසිවකුට අයිති දෙයක් නොවේ. පියතුමාගේ දිව්‍ය පූජා දේශනය සතිය පුරා මතකයට නංවා ගැනීම කිතුනුවකුගේ හරවත්ම භක්ති අභ්‍යාසයකි.දිව්‍ය පූජාව දෙවියන් වහන්සේ විසින් කතෝලිකයනට ලබාදුන් මහඟු තුටු පඬුරකි. එයට නමස්කාර අන්දමට සහභාගිවීම උන්වහන්සේට කරනා ගෞරවයකි.

අන්නාවි තනතුර දරන විට හොඳ හොඳ දේ දකින්නට ලැබේ. ඇතැමුන් මීසමේ තම පියතුමාගෙන් පාපොච්චාරණය කර ගැනීමට මහා බියක් දක්වනවා. මේවා අන්නාවි වශයෙන් මා දකිනා දේය. එම ක්‍රියාව පිළිබඳව සුළුවෙන් සිතුව ද, එයත් බරපතළ වරදකි.

දිව්‍ය පූජාව නිමාවූ කල කඩිමුඩියේ ගෙදර දුවන්න එපා. අන් අය සමග තම තමන්ගේ දුක, සැප, ප්‍රශ්න බෙදාගෙන සුළු මොහොතක් අල්ලාප සල්ලාපයේ යෙදෙන්න. පියතුමාට ද ස්තුති කර සැහැල්ලු සිතකින් නැවත ගෙදර යන්න. අන්නාවි තැන වශයෙන් මා ගෙදර යන්නේ සියලු දේ සම්පූර්ණත්වයට පත් කරලාය. සැමගේ සහයෝගය පල්ලියට උතුම්ය. නිවස හැරුණු විට අපේ නිවහන පල්ලිය ය. මීසමේ සැමටම ජේසු පිහිටයි.

අන්නාවි තැන ලබන සතියේත් දේව පිහිටෙන් අපි හමුවෙමු.

ලයනල් පී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment