රුසියාවේ ලූනා- 25 සඳ මතට කඩා වැටෙයි

426

රුසියාවේ ලූනා- 25 අභ්‍යවකාශ යානය එහි ගොඩබෑමට පෙර කක්ෂයට මාරු වීමට සූදානම් වන විට අසාමාන්‍ය තත්වයක් ඇති වූ බව රුසියානු ජාතික අභ්‍යවකාශ ඒජන්සිය රොස්කොස්මොස් පවසයි.

ඒ අනුව එය සඳ මතට කඩා වැටී ඇතැයි රුසියානු ජාතික අභ්‍යවකාශ ඒජන්සිය රොස්කොස්මොස් පැවසූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

රුසියානු අභ්‍යවකාශ යානය අද (21දා) සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැසීමට නියමිතව තිබුණි.

මෙහෙයුම අතරතුර අසාමාන්‍ය තත්වයක් ඇති වූ අතර එමඟින් නිශ්චිත පරාමිතීන් සමඟ හුවමාරුව සිදු කිරීමට ඉඩදී නැතැයි රොස්කොස්මොස් ඉකුත් 19 වැනිදා සෙනසුරාදා කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

විශේෂඥයින් වැඩිදුර තොරතුරු ලබා නොදී තත්ත්වය විශ්ලේෂණය කරමින් සිටින බව එහි සඳහන් වේ.

මෙය 1976 න් පසු රුසියාව කක්ෂගත කළ පළමු රුසියානු අභ්‍යවකාශ යානයයි.

දළ වශයෙන් කුඩා මෝටර් රථයක ප්‍රමාණයෙන් යුත් එය දක්ෂිණ ධ්‍රැවයේ වසරක කාලයක් ක්‍රියා කිරීමට ඉලක්කය වී තිබුණි. මෑත වසරවලදී නාසා ආයතනයේ සහ අනෙකුත් අභ්‍යවකාශ ආයතනවල විද්‍යාඥයන් විසින් සඳෙහි ආවාට වල ශීත කළ ජලයේ අංශු මාත්‍ර හඳුනාගෙන ඇත.

මේ අතර ඉන්දියාව විසින් සඳේ දක්ෂිණ ධ්‍රැවයට යැවූ චන්ද්‍රයාන් අභ්‍යවකාශ යානය මෙම මස 23 වැනිදා ගොඩ බෑමට නියමිතව තිබේ.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment