ළඟ ළඟම එන මැතිවරණයට කලින් දැනගන්න ඕන 2023 අංක 03 දරන “මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත”!

ජනාධිපති ධුරය අභියෝගයට ලක් කෙරෙන ඉතිහාසයේ පළමු ජනාධිපතිවරණය

පනත උල්ලංඝනය කළොත් මහජන පෙත්සමකින් ධුරය අහෝසි විය හැකිය!

වැරදියට වියදම් කළොත් පුටුවට ආවා – ආයේ ගියා

ජනතා පරමාධිපත්‍ය මැතිවරණයක දී සාධාරණ ලෙස මැන බැලීමට නම්, ඡන්ද දායකයන්ට මෙන්ම ඡන්ද අපේක්ෂකයන්ටද නිරවුල් හා විනිවිදභාවයකින් යුතු සමාන අවස්ථාවක් සහිත නෛතික පරිසරයක් නිර්මාණය වීම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීත්වයේ අනිවාර්යය අංගයකි. දශක කිහිපයක සිට ම එකී සංවාදය මෙරට කරළියට පැමිණිය ද එය යථාර්ථයක් බවට පත්කරගත හැකිවූයේ පසුගිය 2023 වර්ෂය ආරම්භයේ දීය. මැතිවරණ කොමිෂන් සභාවේ ඍජු අධීක්‍ෂණය යටතේ සහ සිවිල් සමාජ සංවිධාන හා ක්‍රියාකාරිකයනගේ හා විද්වතුන්ගේ මැදිහත් වීමෙන් 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත පාර්ලිමේන්තුව තුළ සම්මත විය.

මැතිවරණ වියදම් නියාමනය කුමට ද?

බලය ලබාගැනීමට කෝටි ප්‍රකෝටි ගණන් රිසිසේ වැය කරමින් කෙසේ හෝ මහජනතාවගේ මනාපය සිය ලැයිස්තුවට බැරකර ගැනීමට දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් සිදු කරනා ප්‍රජාතන්ත්‍ර මූලධර්මවලට විරෝධී මූල්‍ය භාවිතය වැළැක්වීමටත් වඩා විධිමත් හා සර්ව සාධාරණ ලෙස මැතිවරණයට සහභාගි වන සියලු පාර්ශ්වයන්ට පොදු මූල්‍ය විනයක් ඇති කිරීමටත් “මැතිවරණ වියදම් නියාමනය” අත්‍යවශ්‍ය වේ.

එමෙන්ම මැතිවරණයක දී කූට ජාවාරම්කරුවන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ මහා පරිමාණ කළු සල්ලි, විවිධ දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් හරහා යොදවමින් ඒවා සුපිරිසිදු කිරීමට ඇති ඉඩකඩ මෙම නව නීති තත්ත්වයන් සමග ඇහැරි යනු ඇත.

පනත මගින් ආවරණයවන මැතිවරණ හා පුද්ගල කණ්ඩායම්

මෙරට ජනතාවට සිය ඡන්දය භාවිත කළ හැකි සියලුම මැතිවරණවල වියදම් නියාමනය කිරීමට, උක්ත පනත මගින් ව්‍යවස්ථාපිත බලය ලැබෙන පරිදි,

  • පළාත් පාලන ඡන්ද විමසීම්
  • පළාත් සභා ඡන්ද විමසීම්
  • පාර්ලිමේන්තු මැතිවරණය
  • ජනාධිපතිවරණය

ඊට යටත් කර ඇති අතර,

  • මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම්,
  • මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කර ඇති දේශපාලන පක්ෂවල ප්‍රචාරක වියදම්,
  • මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති ස්වාධීන කණ්ඩායම්/පුද්ගලයන්

යනාදීන්ගේ සියලු වියදම් ද නියාමනය කිරීමේ පූර්ණ නෛතික රාමුව ද මෙම පනත මගින් සම්පාදනය කරන ලදී.

මැතිවරණවල වියදම් සීමාව

සෑම මැතිවරණයකම නිල නාම යෝජනා කාල සීමාව අවසන්වී උපරිම දින 05 ක කාලයක් තුළ, එකී මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අනුව එක් අපේක්ෂකයකුට, කණ්ඩායමට හෝ පක්ෂයකට තම ප්‍රචාරක වියදම් සිදුකිරීමේදී එක් ඡන්ද හිමියකු වෙනුවෙන් දැරිය හැකි උපරිම වියදම තීරණය කර ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කළ යුතුය.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණ කරනු ලබන මුදල,

පළාත් පාලන ඡන්ද විමසීමකදී, අදාළ පළාත් පාලන ආයතනයේ ඡන්ද කොට්ඨාසයේ ලියාපදිංචි මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව මගින් ගුණ කිරීමෙන්ද,

පළාත් සභා ඡන්ද විමසීමක නම්, අදාළ මුදල අපේක්ෂකයා තරඟ කරනු ලබන පරිපාලන දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව මගින් ගුණ කිරීමෙක්ද?,

පාර්ලිමේන්තු මැතිවරණයකදී එකී විනිශ්චිත මුදල, අපේක්ෂකයා තරග කරනු ලබන මැතිවරණ කොට්ඨාසයේ (දිස්ත්‍රික්කයේ) ලියාපදිංචි මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව මගින් ගුණ කිරීමෙන් හා ජනාධිපතිවරණයක දී නම්, සමස්ථ ශ්‍රී ලංකාවේ ම ලියාපදිංචි මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව මගින් ද ගුණනය වී අදාළ මැතිවරණයේදී දැරිය හැකි උපරිම වියදම් සීමාව තීරණය කරනු ලබයි.

එකී වියදම් සීමාවන් උල්ලංඝනය කරමින් මැතිවරණ ප්‍රචාරණ හා සමගාමී ප්‍රවර්ධනයන් සිදු කිරීම පනත උල්ලංඝනය කිරීමක් වේ.

නීතියෙන් වැට බැඳෙන පරිත්‍යාග

හරියට කළොත් ජනපතිත් ගෙදර…!

මැතිවරණ සමයේදී විවිධ ලෙස පරිත්‍යාග හා ලැබීම් ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු සඳහා ලබාදීමේ කිසිදු තහනමක් හෝ විරෝධයක් මීට පෙර නොතිබුණ ද, මේ පනත මගින් එවන් අසීමාන්තික, නීති විරෝධී වූ පරිත්‍යාග භාර ගැනීම දේශපාලන හෝ ස්වාධීන කණ්ඩායම් හා ඒවායේ අපේක්ෂකයන්ට සපුරා තහනම් කර ඇත.

එනම්,

රජයේ හෝ රාජ්‍ය සංස්ථාවක හෝ රජයට යම් කොටස් ප්‍රමාණයක් හිමි සමාගමින් විදේශීය රාජ්‍යයන්, ජාත්‍යන්තර සංවිධානයකින් හෝ ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාගත කරනු ලැබූ හෝ ලියාපදිංචි කරනු ලැබූ පුද්ගල මණ්ඩලයකින්.

ඍජුව හෝ වක්‍රව 50%කට වඩා විදේශීය කොටස් හිමිකාරිත්වය සහිතව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද පුද්ගලික සමාගම්වලින්,

තම අනන්‍යභාවය හෙළිදරව් නොකරන ඕනෑම පුද්ගලයෙක් ගෙන්…

කිසිදු පරිත්‍යාගයක් මැතිවරණ කටයුතු සඳහා භාරගැනීමට නොහැකි වේ.

ඒ අනුව මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු දින සිට දින 21 ක් තුළ අදාළ මැතිවරණ වියදම් හා පරිත්‍යාග ලැබීම් පිළිබඳ නිල වාර්තාව පනතේ 6 (1) වගන්තිය අනුව සියලු පක්ෂ හා කණ්ඩායම් තේරීම් භාර නිලධාරියාට භාර දියයුතුය.

මැතිවරණ වියදම් වාර්තාව

2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනතේ 6 (5) වගන්තිය අනුව මැතිවරණ වියදම් වාර්තාවට පහත සඳහන් සියලු වියදම් ඉදිරිපත් කිරීමට සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් බැඳී සිටී.

එම පනතේ 6 (5) වගන්තිය ප්‍රකාරව,

(අ) මගින් මැතිවරණයට අදාළ ප්‍රචාරක දැන්වීම්, අත්පත්‍රිකා ධජ, සිතුවම්, ඡායාරූප, පෝස්ටර් හෝ දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීම, ප්‍රකාශයට පත්කිරීමේ, ඇලවීම, ප්‍රදර්ශනය හෝ නිරූපණය කිරීම සඳහා කරනු ලබන වියදම්

(ආ) මගින්, එම මැතිවරණයේ ප්‍රචාරක දැන්වීම් නිෂ්පාදනය කිරීම සහ රූපවාහිනී, ගුවන් විදුලි ප්‍රචාරය සඳහා වූ වියදම්,

(ඇ) මගින්, මැතිවරණයට අදාළ ප්‍රචාරණ දැන්වීම් නිෂ්පාදනය කර පුවත්පත්වල, වාර සඟරාවල, සමාජ මාධ්‍යවල, ෘසටසඒක පුවරුවල හෝ වෙනත් ඕනෑම ෘසටසඒක මාධ්‍යයක හෝ වෙනත් ප්‍රකාශනවල ප්‍රකාශයට පත් කිරීමට දරන ලද වියදම්…

(ඈ) මගින්, මැතිවරණයේ රැස්වීම් පැවැත්වීමට යොදාගනු ලැබූ පරිශ්‍රවල/උපකරණවලට දැරූ කුලී හෝ පරිහරණ වියදම් සියල්ලම ද,

(ඉ) මගින්, අපේක්ෂකයාගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් වාහන කුලියට ගැනීම සඳහා වූ වියදම් හැර, මැතිවරණයට අදාළ වාහන කුලී වියදම් හා

(ඊ) මගින්, ඒ ප්‍රවාහනයට අදාළ ඉන්ධන සැපයීමට දරන ලද වියදම් ද

මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ යුතු මෙන්ම අදාළ වියදම් සඳහා ගෙවීම් සිදු කළේ ද නැද්ද යන්න සනාථ කෙරෙන බිල්පත්, කුවිතාන්සි සත්‍යාපනය කළ යුතුය. එසේම ඉහත සේවාවන් ගෙවීමක් රහිතව ලබාගෙන ඇති බවට දන්වන්නේ නම්, එම සේවා ලබාදීම සම්බන්ධ තැනැත්තන්ගේ නම, ලිපිනය මෙන්ම අදාළ දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් හෝ අපේක්ෂකයා විසින් ඒ ඒ දැරූ වියදම් සවිස්තරව දැක්විය යුතු වන්නේය.

කෙසේ වෙතත්,

මැතිවරණය පැවැත්වෙන ප්‍රදේශය තුළ අපේක්ෂකයාගේ ප්‍රවාහන කටයුතු සඳහා දරන ලද වියදම හා ලිපිද්‍රව්‍ය දුරකථන හෝ වෙනත් ආකාරයේ සන්නිවේදන කටයුතු සඳහා දරන ලද වියදම් මැතිවරණ වියදම් වාර්තාවට ඇතුළත් විය යුතු නොවේ.

මහජනතාවට විවෘත වීම

පනතේ 07 වගන්තියේ සඳහන් පරිදි, මැතිවරණය වියදම් වාර්තා ලැබීමට නියමිත දිනයෙන් පසුව එළැඹෙන දින 10ක් ඇතුළත, සෑම තේරීම් භාර නිලධාරියකුම තමන්ට වාර්තා ලැබුණු දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයන්ගේ නම් සඳහන් කරමින් එම තොරතුරු මහජනතාවට පරීක්‍ෂා කළ හැකි ස්ථාන හා වේලාව පිළිබඳ නිවේදනයක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ජාතික පුවත්පතක දැන්වීම් වශයෙන් පළ කළ යුතු අතර එම පිටපත් මැතිවරණ කොමිසම විසින් අනුමත ගාස්තු ගෙවා ලබාගත හැකිය.

● නීති විරෝධී ක්‍රියා හා දඬුවම්

මේ පනත යටතේ

● අවසරලත් මුදල ඉක්මවා මැතිවරණ කටයුතු සඳහා වියදම් කිරීම

● තහනම් මූලාශ්‍රයන්ගෙන් පරිත්‍යාග ලබාගැනීම

● මැතිවරණ වියදම් වාර්තාව භාර නොදීම හා එම වාර්තාවන්වල අසත්‍ය කරුණු පළ කිරීම

ධීනක්‍රියා- “නීති විරෝධී ක්‍රියාවක්” යන වරදට ගැනේ

ඒ අනුව එවැනි නීති විරෝධී ක්‍රියාවන් සඳහා වරදකරු වූ තැනැත්තකුට, ඒ වනවිට

ඔහු/හෝ ඇය අදාළ මහජන නියෝජිතයකු සිටී නම් එම ධුරය අහිමි වීම.

වසර 03ක් දක්වා අදාළ පනත යටතේ පවතවනු ලබන මැතිවරණයක අපේක්ෂකත්වයට ඉදිරිපත් වීමට තහනම් වීම

වසර 03 ක කාලයක් දක්වා ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචිය තහනම් වීම දක්වා දඬුවමට යටත් කළ හැකිය.

  • අණපනත් හා පෙත්සම්
  • පළාත් පාලන ඡන්ද විමසීමේ පනත,
  • පළාත් සභා ඡන්ද විමසීමේ පනත,
  • පාර්ලිමේන්තු මහ මැතිවරණ පනත
  • ජනාධිපතිවරණ පනත

යන පනත්වලින් ආවරණිත ‘නීති විරෝධී ක්‍රියාව’ යන වරදට යටත්ව ඊට සමගාමීවම මැතිවරණ වියදම් නියාමන පනත යටතේ වන වරදක් යටතට ද අනුකූල බව හඳුනාගැනෙන

එහෙයින්, එම පනත යටතේ සිදුකරන වරදක් පාදක කොට ගෙන, මැතිවරණ පෙත්සම් ගොනු කිරීමේ හැකියාව පවතී. එවැනි පෙත්සමක් ජයග්‍රහණය කළහොත් වගඋත්තරකාරී ජයග්‍රාහී අපේක්ෂකයකුගේ ‘සභික ධුරය’ අහෝසි වන අතර, 03 වසරකට ඡන්ද දායකයා ලෙස ලියාපදිංචි වීමට හා ඒ නයින් එකී කාලය තුළ කිසිදු මැතිවරණයකටද ඉදිරිපත් වීමට නොහැකි වනු ඇත

අහිමිවූ 2023 පළාත් පාලන මැතිවරණය

හරියට කළොත් ජනපතිත් ගෙදර…!

මේ පනතේ ප්‍රායෝගික භාවිතය අත්හදා බැලීමට උණු උණුවේම ලැබිය යුතුව තිබුණේ නාම යෝජනා දක්වා පැමිණ, පසුව දින නියමයක් නොමැතිව කල් දැමුණු පසුගිය පළාත් පාලන මැතිවරණයට අදාළවය. එහිදී පනතේ ප්‍රතිපාදන මත, මෙම පනතේ වූ වියදම් නියාමනය ප්‍රායෝකව ක්‍රියාත්මක වීම යහපත් මට්ටමක පෙර නිමිත පෙන්නුම් කළ අතර, එහි සැබෑ අවසානයක් භුක්ති විඳින්නට නොහැකි විය.

පළමු පහස 2024 ජනාධිපතිවරණයට

කෙසේ නමුදු 2024 වර්ෂයේ තවත් මාස කිහිපයකින් මෙරට අභිනවයෙන් පත්වීමට නියමිත 09 වන විධායක ජනාධිපතිවරයා පත්කර ගැනීමට යෝජිත ජනාධිපතිවරණයේදී මෙම පනතේ ප්‍රායෝගික අත්දැකීම ලක්වැසි මහ ජනතාවට භුක්තිවිඳීමේ අවස්ථාව හිමිවේ. පනතේ බලතල ප්‍රකාරව අවශ්‍ය නම් පනත උල්ලංඝනය කරන ජනාධිපති අපේක්ෂකයකු ජයග්‍රහණය කළද, ඉතිහාසය කවර කලක හෝ සිදු නොවූ පරිදි සිය ජනාධිපති ධුරය වුවද අහිමි වීමේ නෛතික අවදානමට ලක් වෙනු ඇත.

පුරවැසි වගකීම

එබැවින් නිවැරැදි නීතියක් සම්මත වීම හා එය සමාජගත වීම කෙතරම් යුක්ති සහගත වූත්, ප්‍රජාතන්ත්‍රවාදී වූත් බුද්ධිමත්වූ සංස්ථාවක ප්‍රගමනයට දායක වන්නේ දැයි පුරවැසියා අවබෝධ කරගත යුතුය.

එපමණක් නොව ඕනෑම මැතිවරණයකදී, ඉදිරිපත් වන පාර්ශ්වයන්ගේ,

  • අවසරලත් උපරිම වියදම් පිළිබඳ සෙවීම
  • මැතිවරණ ප්‍රචාරණය පිළිබඳ අවධානය
  • තහනම් මූලාශ්‍රවලින් පරිත්‍යාග, අරමුදල් සම්පාදනයට දැඩිව විමසිලිමත් වීම
  • නිසි පරිදි මැතිවරණ වියදම් වාර්තා පියවීම පිළිබඳ තොරතුරු සත්‍ය දැයි ගවේෂණය කිරීම

පනත යටතේ නීති විරෝධී ක්‍රියාවක් කළ හැකි තැනැත්තන්ට.

  • පෙත්සම් ඉදිරිපත් කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සිය පරමාධිපත්‍ය බලය භාවිත කළ යුතුය.

ජානක බෝකුඹුර

advertistmentadvertistment
advertistmentadvertistment