මෛත්‍රීගේ වාරණය යළිත් දීර්ඝවේ

110

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගය මෙම මස 29 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි එය අද කැඳවනු ලැබීය.

එහිදී නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ දිසා විනිසුරුවරයා නඩුව නැවත ලබන 29 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment