BOC රන් කැකුළු චාරිකා තුළින් කොළඹ නැරඹීමට දරුවන්ට අවස්ථාවක්

73

ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව සිය ආයතනික සැලැස්ම තුළ අනාගත ගනුදෙනුකාර පරම්පරාව සමඟ අත්වැල් බැඳ ගනිමින්, ඔවුන් හා බැංකුව අතර සබඳතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් ‘BOC රන් කැකුළු චාරිකා’ නමින් විශේෂ අධ්‍යාපනික චාරිකාවක් සංවිධානය කරයි.

ලංකා බැංකුවේ ශාඛා මෙහෙයුම් අංශයේ නියයෝජය මහා කළමනාකරු ප්‍රියල් සිල්වා සහ එම අංශයේ සහකාර මහා කළමනාකාරිණී ඩී. ආර්. සී. එස්. උදයකුමාරි යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන්, ලංකා බැංකු කෞතුකාගාර අංශය විසින් ‘BOC රන් කැකුළු චාරිකා‘ වැඩසටහන සංවිධානය කරනු ලබයි.

ලංකා බැංකුවේ පළාත් කාර්යාල සහ පළාත් අධයාපන කාර්යාල සම්බන්ධ කරමින් පාසල් තුළ පවත්වාගෙන යන රන් කැකුළු සංසද මගින් ‘BOC රන් කැකුළු චාරිකා’ සඳහා පාසල් තෝරා ගනු ලබන අතර, මෙම සුවිශේෂී චාරිකාවේ දී ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති මුදල් හා බැංකු කෞතුකාගාරය, භාණ්ඩාගාරික අංශය හා TV BOC නාලිකාව මෙන් ම නෙළුම් කුළුණ සහ කොළඹ වරාය නැරඹීමේ අවස්ථාව ද පාසල් සිසු සිසුවියන් වෙත ලබා දෙයි. එහි දී ලංකා බැංකු ආයතනික පරිශ්‍රය මෙන් ම ආයතනික ක්‍රියාකාරිත්වය නැරඹීම තුළින්, සාර්ථක අනාගතයක් කරා යාමට ඔවුන් වෙත යම් අභිප්‍රේරණයක් ලබා දීම ද ලංකා බැංකුයේ අරමුණයි.

ලංකා බැංකුයේ මුදල් හා බැංකු කෞතුකාගාරය පිළිබඳ පාසල් තුළ දැනුවත් භාවය වර්ධනය කිරීමේ අරමුණ මූලික කරගනිමින් සංවිධානය කෙරෙන ‘BOC රන් කැකුළු චාරිකා’ වැඩසටහන පිළිබඳ ව අදහස් දක්වමින් ලංකා බැංකුවේ නියයෝජය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා මහතා ප්‍රකාශ කළේ , ”‍මෙම අධ්‍යාපනික වැඩසටහන ලංකා බැංකුව දියත් කරන සුවිශේෂී සමාජ සත්කාරක වැඩසටහනක්. ඒ වගේ මේ රටේ අනාගත පරපුර ලංකා බැංකුව සමඟ සමීප කරවීම සඳහා ‘BOC රන් කැකුළු චාරිකා’ වැඩසටහන වැදගත් කාර්්‍යභාරයක් ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.ඒ හරහා සිසු දරු දැරියන් තුල ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරමින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා.”‍ යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment