ගැටුම බේරන්න ගිය පොලිසියට ගහලා නිලධාරීහු 4 ක් රෝහලේ

291

කිළිනොච්චිය ධර්මපුරම් කල්ලාර් ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එල්ල වූ ප‍්‍රහාරයකින් පොලිස් නිලධාරීන් සිවුදෙනකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.

පෙරේදා (05 වැනිදා) සිදු වූ මෙම ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එක් නිලධාරියකු කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් තිදෙනා ධර්මපුරම් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ධර්මපුරම් පොලිසිය ඊට සම්බන්ධ එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වාගෙන යයි.

කිළිනොච්චිය ධර්මපුරම් කල්ලාර් ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකය හරහා ධර්මපුරම් පොලිසිය වෙත තොරතුරක් ලැබී තිබිණි.

එහිදී වහා කි‍්‍රයාත්මක වූ පොලිස් කණ්ඩායමක් ධර්මපුරම් කල්ලාර් ප‍්‍රදේශය වෙත ගොස් මෙම ගැටුම සමතයකට පත් කිරීමට උත්සාහකර ඇත. එහිදී මැර පිරිසක් පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධවලින් පහරදී ඇති අතර පොලිස් නිලධාරීන් සිවුදෙනා තුවාල ලබා තිබේ. ධර්මපුරම් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යයි.

හේමන්ත රන්දුණු සහ දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment