ඇමෙරිකානු රයිපල් සමාජයේ බලය බිඳ වැටෙයි

292

සෙනෙට් සභාව ප්‍රහාරක අවි භාවිතා කිරීමේ තහනම් පනතක් සම්මත කරයි

ඇමෙරිකාවේ අවි ආයුධ භාවිතා කරමින් සිදුවන මිනීමැරුම් සංඛ්‍යාව වර්ධනය වීම නිසා ප්‍රහාරක අවි භාවිතය තහනම් කරන පනතක් සම්මත කර ඇත. සෙනෙට් සභාව සම්මත කළ මෙම පනතට පක්‍ෂව ඡන්ද 27 ක්ද එරෙහිව 21 ක්ද ලැබීමෙන් සම්මත වී තිබේ.

එම පනතේ නීති රීති උල්ලංඝනය කරන අයට දින 364 ක සිරදඬුවමක් සහ ඩොලර් 5000 ක දඩයක් නියම වේ.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මන්ත්‍රී ස්ටෝර්ට් සෙමර්සන් ප්‍රමුඛ මන්ත්‍රීවරු 25 ක් ඊට පක්‍ෂව ඡන්දය ලබාදී තිබේ. ගතවූ කාලය තුළ ඇමෙරිකාවේ අවි ආයුධ භාවිතා කර මිනීමැරුම් 19354 ක් සිදුකර ඇත.

විශ්වවිiාලවලට හා පාසල්වලට කඩාවැදී වෙඩි තැබීම් රැසක්ද සිදුවී ඇත. ප්‍රහාරක අවි භාවිතය තහනම් කිරීමේ පනත සම්මත වීම එරට රයිපල් සමාජයේ බලය බිඳ වැටීමක් වේ. එරට බලගතුම ආයතනය වූ රයිපල් සමාජය අවි ආයුධ තහනම් කිරීමේ නීතිරීතිවලට එරෙහිව ක්‍රියාකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment