විරෝධතා පවත්වමින් පාලකයින් පලවා හැරීම දැන් අවසන් විය යුතු යැයි සංඝ රත්නය පවසති

219

දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, අග්නිදිග ආසියානු කලාපයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි නායක හිමියෝ පවසති.විරෝධතා පවත්වමින් පාලකයින් පළවා හැරීමේ ක්‍රමවේදයෙන් බැහැරව,වත්මන් ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගනිමින් ජනතා ගැටලු විසඳීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහාය ලබාදිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.රට ව්‍යසනයකට මුහුණ දී තිබෙන අවස්ථාවක වත්මන් ජනාධිපතිවරයා නොබියව එම අභියෝගය භාරගෙන තිබෙන බව පෙන්වා දුන් උන්වහන්සේ සියලු අභියෝග ජය ගැනීමට එතුමාට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කළහ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ සේදවත්ත, වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර එහිදී අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment