16 න් පහළ රගර් ශූරතාව මහනුවර මහානාම විදුහල දිනාගනී

97

වයස අවුරුදු 16 න් පහළ අන්තර් පාසල් රගර් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මහනුවර මහානාම විදුහල් කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලිය සඳහා පාසල් කණ්ඩායම් තිස් හතරක් (34) සහභාගි වූ අතර ඒ අතරින් අවසන් තරගය සඳහා මහනුවර මහානාම විදුහල් කණ්ඩායම සහ කොළඹ විදුර විද්‍යාලයීය කණ්ඩායම සුදුසුකම් ලබා ගන්නා ලදී.

අවසන් තරගයේදී ලකුණු 17 – 05 ලෙස ලබා ගනිමින් මෙම තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මහනුවර මහානාම විද්‍යාලය සමත් වූ අතර තරගාවලියේ බ්ලෝව් ශූරතාවය (BLOW CHAMPIONS) ඔවුන් හට හිමි විය. මහානාම විද්‍යාල කණ්ඩායම් නායකත්වය එම්. ජී. හෂාන් දුල්මිණ විසින් දරන ලදී.

ශ්‍රී ලංකා පාසල් රගර් සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය පසුගියදා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment