නිරෝෂන් දික්වැල්ලගෙන් වේගවත් ශතකයක්

737

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග ආරම්භ කරමින් අද එන්සීසී පිටියේ පැවැති එන්සීසී – සෙබස්තියනයිට්ස් අතර තරගයේදී එන්සීසී ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල වේගවත් ශතකයක් ලබා ගැනීමට සමත් විය. පන්දු 95කදී දැවැන්ත හයේ පහරක් හා හතරේ පහර 15ක් සමග දික්වැල්ල ලබාගත් ශතකයත් සමග එන්සීසී පිල කඩුලු 1කට ලකුණු 211ක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් සෙබස්තියනයිට්ස් පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 120ක් ලබාගත් අතර, පළමු දිනය නිමාවෙද්දී එන්සීසී පිල ලකුණු 91ක් ඉදිරියෙන් සිටියේය. නිරෝෂන් දික්වැල්ල හා නායක ළහිරු උදාර එක්ව පළමු කඩුල්ලට ලකුණු 195ක සම්බන්ධතාවක් ගොඩනඟා සිටියදී සෙබස්තියනයිට්ස් පිලේ පා දඟ පන්දු යවන තුලින දිල්ෂාන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව නිරෝෂන් දික්වැල්ල දැවී ගියේය. ළහිරු උදාර පන්දු 90කදී හයේ පහරක් හා හතරේ පහර 8ක් සමග නොදැවී ලකුණු 84ක් ලබා සිටින අතර, කමිල් මිෂ්රා නොදැවී ලකුණු 3ක් ලබා සිටී. සෙබස්තියනයිට්ස් පිල අඩු ලකුණු ගණනකට සීමා කිරීමට කඩුලු 3 බැගින් බිඳහෙලූ අසේල් සිගේරා හා අෂේන් ඩැනියෙල් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළේය.

සෙබස්තියනයිට්ස් පිල පළමු ඉනිම ලකුණු 120 (ඕවර් 40) – අභිෂේක් ලියනාරච්චි 19, චිතම්බරම් ගෞතම් 12, ඉසිවර දිසානායක 24, කවිඳු රණසිංහ 15, තරිඳු රත්නායක 20 (අසේල් සිගේරා 30/3, ලසිත් ඇඹුල්දෙණිය 44/2, අෂේන් ඩැනියෙල් 26/3)

එන්සීසී පිල කඩුලු 1කට ලකුණු 211 (32) නිරෝෂන් දික්වැල්ල 122, ළහිරු උදාර නොදැවී 84, කමීල් මිෂාර නොදැවී 3 (තුලින දිල්ෂාන් (14/1)

advertistmentadvertistment
advertistmentadvertistment